Tuesday, November 10, 2026
HomeNEWSමිල්ලෑව වත්තෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට

මිල්ලෑව වත්තෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට

20% ක්ව පවතින දේශීය ඖෂධ නිෂ්පාදනය 80% දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සහ ජාත්‍යන්තර ඖෂධ වෙළඳපොළට පිවිසීම, ඖෂධ මිලදී ගැනීමට විදෙස් රටවලට යන මුදල් ඉතිරි කර ගැනීම, රෝගීන්ට ගුණාත්මක, ප්‍රමිති සහගත ඖෂධ සැපයීම ඇතුළු කරුණු ගණනාවක් ඉටුකර ගැනීමේ අරමුණ උදෙසා, නාගරික සංවර්ධන අධිකාරිය සතු මිල්ලෑව වත්තෙන් අවුරුදු 99 යටතේ බදුගත් අක්කර 64 ක ඉඩමේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉදිකිරීමට නියමිත ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා 03 ක් සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂිකා ෂම්මි කුමාරි දෙනවත්ත සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්ම මහත්මීන් ඒ පිළිබඳව වන ගිවිසුම් 2022 ජනවාරි මස 12 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී අත්සන් කළ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරි සුජීවා ජයසුන්දර යන මහත්ම මහත්මීහු හා අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන නිලධාරීහු සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img