Thursday, June 11, 2026
HomeNEWSපොළොන්නරුවේ වී ගොවීන් මුහුණ දී සිටින සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක්

පොළොන්නරුවේ වී ගොවීන් මුහුණ දී සිටින සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක්

පොහොර අර්බුදය මධ්‍යයේ වුවද පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරිය ගොවි ව්‍යාපාරවල වගා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව “අද දෙරණ” එහි කළ සංචාරයේදී අනාවරණ විය.

එහෙත් මෙවර අපේක්ෂිත අස්වැන්න නොලැබෙන බවත් එළඹෙන කන්නයේදී රසායනික පොහොර නොලැබුණහොත් තමන් කුඹුරු වගා නොකරන බවත්  එම ගොවීන් පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙම කන්නයට පෙර සාමාන්‍ය කන්නයකදී වගාකරන ලද ගොවිබිම් ප්‍රමාණය හෙක්ටයාර 70,000 කට ආසන්නය.

එහිදී එක් හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 5 බැගින් එක් කන්නයකදී ලබාගෙන ඇති මුළු අස්වැන්න වී මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ වේ.

මෙවර මහ කන්නය ආරම්භයේ ඇතිවූ පොහොර අර්බුදයත් සමඟින් ගොවින් ගොවිතැන්වලට පිවිසීම අඩුවූයේ යැයි බොහෝ දෙනා පැවසුවද, මෙවර මහ කන්නයේද පොළොන්නරුවේ ගොවීන් හෙක්ටයාර 69,158ක ප්‍රමාණයක් අස්වද්දා ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගොවි ව්‍යාපාරය වන පරාක්‍රම සමුද්‍රය ගොවි ව්‍යාපාරය ඔස්සේ එක් කන්නයකදී වගා කෙරෙන හෙක්ටයාර ප්‍රමාණය 10,365කි.

ඒ මගින් මෙට්‍රික් ටොන් 51,825 ක අස්වැන්නක් එක් කන්නයකදී මෙරට වී නිෂ්පාදනයට එක්වේ.

පෙර කන්නවලදී මෙන්ම මෙවරද ගොවීන් මුළු හෙක්ටයාර දස දහසක ප්‍රමාණයම වගා කර තිබුණද පොහොර ගැටලුව හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි වන බව ගොවි සංවිධාන නායකයින් පවසනයි.

පොළොන්නරුව මින්නේරිය ගොවි ව්‍යාපාරයේ එක් කන්නයකදී හෙක්ටයාර 8,400ක පමණ ගොවිබිම් ප්‍රමාණයක් අස්වද්දන අතර ඒ තුළින් කන්නයකදී ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 42,000ක පමණ වී ප්‍රමාණයක් මෙරට සමස්ත වී නිෂ්පාදනයට එක්කරයි.

ඒ අනුව මින්නේරිය ගොවිජන ව්‍යාපාරයේද මෙවර පෙර කන්නවලදී මෙන් ගොවීන් සිය කුඹුරු අස්වද්දා තිබුණද පොහොර ගැටලුව හේතුවෙන් සාර්ථක අස්වැන්නක් පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img