Thursday, June 11, 2026
HomeNEWSසොත්ති උපාලිගේ බෑණා අත්අඩංගුවට

සොත්ති උපාලිගේ බෑණා අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ ඥාතියෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා හෙරොයින් සමග වැල්මිල්ල කැන්දලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම සැකකරු ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ බෑණා වන බවය.

සැකකරු, තවත් පුද්ගලයෙකු හමුවීමේ බලාපොරොත්තුවෙන් කැන්දලන්ද ප්‍රදේශයේ රැඳී සිටින බවට බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්‍රෑම් 90ක් ද සොයාගෙන ඇත.

අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි එම ප්‍රදේශයේම නිවසක මුළුතැන්ගෙයි අසල මල් පාත්තියක වළදමා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img