Thursday, June 11, 2026
HomeNEWSපොදුජන සත්වෝද්‍යාන සේවක සංගමය සත්‍යග්‍රහයක

පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමය සත්‍යග්‍රහයක

ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත්කරන ලෙස සහ පශු වෛද්‍යවරුන් ඉවත් කරන්නැයි ඉල්ලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් අද (18) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඔවුන් පැවසුවේ විසඳුමක් ලැබෙන තෙක් සතුන්ට ආහාර ලබාදීම, සතුන් නෑවීම සහ රෝගී සතුන්ට ඖෂධ ලබාදීමේ රාජකාරීවලින් හෙට සිට ඉවත්වන බවය.

ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය සහ ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරි සේවක සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 9 ට සේවයෙන් ඉවත්ව විරෝධතාවයක් ආරම්භ කළේය.

ඒ, දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයාම සහ රෝගිවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සොයා නොබැලීම මෙන්ම අනතුරු සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාව සියලු දෙනාට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

රෝගී සතුන් පිළිබඳව සොයා නොබැලීම නිසා මේ වන විට සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සත්වෝද්‍යානය සේවකයින් පෙන්වා දෙයි.

මෙම විරෝධතාවයට ප්‍රවේශපත් නිකුත් කරන්නන්ද සහාය පළකිරීම නිසා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අද ප්‍රවේශ පත්‍ර ලබාදුන්නේ එහි ගණකාධීකාරිවරුන් සහ සහාය ගණකාරිකාරවරුන් විසිනි.

විරෝධතාකරුවන් පවසන්නේ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

මේ අතර සත්වෝද්‍යාන සේවකයින් අද පස්වරුවේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර ඊට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ද එක්වුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විරෝධතාවට සහාය දක්වමින්  හම්බන්තොට රිදීයගම රුහුණු සෆාරි උද්‍යානයේ සේවකයින්ද අද දහවල් කෑම පැයේදී විරෝධතාවයක නියැලුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img