කොවිඩ් වසංගතයත් සමග මරු පහරක් එල්ල වූ මෙරට ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.
කෙසේවෙතත් රටට සුබවාදී බලාපොරොත්තුවක් ගෙනදෙමින් මේ වනවිට මෙරට සංචාරක කර්මාන්තය යළි හිස එසැවීමට පටන්ගෙන තිබේ.
මේ වසරේදී සංචාරකයින් ලක්ෂ 11කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමටත්, එමගින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයාගැනීමටත් ඉලක්ක කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ සංචාරක කර්මාන්තයෙන් උපයනු ලබයි.
ඒ ආශ්‍රිතව සෘජුව හෝ වක්‍රව දිවි සරිකරගන්නා පිරිස ලක්ෂ 30 කට අධිකය.
කොවිඩ් වසංගතයට පෙර මෙරටට වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 20ක් පමණ පැමිණියත් වසංගතය හේතුවෙන් 2020 වසරේදී එය 507,704 ක් දක්වාත් 2021 වසරේ 194,495 ක් දක්වාත් පහළ වැටුණි.
කෙසේවෙතත් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කළ අතර මේ ජනවාරි මාසයේ ගෙවුණු දින 18 තුළ පමණක් සංචාරකයන් 49,250 ක් මෙරටට පැමිණ තිබේ.
ඒ අනුව වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන්, ඉන්දියාවෙන්, යුක්‍රේනයෙන්, එක්සත් රාජධානියෙන් සහ ජර්මනියෙනි.
ඔවුන් පවසන්නේ කොවිඩ් එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ළඟා කරගත් ප්‍රගතිය මෙරටට පැමිණීම සඳහා තමන් තුළ විශ්වාසයක් ගොඩනැංවූ බවය.
ඒ අනුව මෙරට මුහුදු තීර, මහනුවර, දඹුල්ල ආදි නගර මෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඓතිහාසික ප්‍රදේශවලද මේ වනවිට පැමිණි සංචාරකයන් රැසක් රැඳී සිටී.
මෙලෙස සංචාරකයන් පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක් ඉදිරි මාස කිහිපයේදීද අපේක්ෂා කළ හැකි බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.
පැමිණීමට අපේක්ෂිත සංචාරකයන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් නව ගුවන් සේවා සහ ගුවන් වාර සංඛ්‍යාව වැඩිකිරීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමුවී තිබේ.






















