Friday, June 12, 2026
HomeNEWSඅණ නොතකා ධාවනය වූ මෝටර් රථයක් කොච්චිකඩේදී කොටුවෙයි

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක් කොච්චිකඩේදී කොටුවෙයි

මාරවිල, ගොඩවෙල හන්දියේදී මාරවිල දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමට යෑමේදී එම මෝටර් රථය අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පිටුපස හඹාගොස් ඇත.

පසුව කොච්චිකඩේ ප්‍රදේශයේදී අදාළ මෝටර් රථය නවතාගෙන තිබේ.

එම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එම රථය තුළ තිබී පොහොර කවර 8ක බහා තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 262.5ක් (බෝතල් 350ක්) සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව 38 හැවිරිදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගත් බවය.

ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ මෝටර් රථයේ රියදුරු පළාගොස් තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img