Friday, June 19, 2026
HomeNEWSකුරුණෑගල උණුසුම් කළ රෝහල් විරෝධය

කුරුණෑගල උණුසුම් කළ රෝහල් විරෝධය

කුරුණෑගල රෝහල ඉදිරිපිට එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කර්යමණ්ඩල අද (24) උදෑසන විරෝධතාවයක නියැලුණි.

එම විරෝධතාවය අතරතුර දී මාර්ගයේ ගමන් ගත් රියදුරන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණි.

පසුගිය 19 වනදා වෛද්‍යවරයෙකුට සිදුකළ පහරදීමට සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කුරූණෑගල රෝහල ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත් වුණි.

අදාළ විරෝධතාවය හේතුවෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය කුරුණෑගල රෝහල අසලින් පැය භාගයකට ආසන්න කාලයක් අවහිර වී තිබූ අතර එම මාර්ගය දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ලබාදුන් පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගිය බව වාර්තා වෙයි.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයකද නිරත විය.

එම වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු අංශ කිහිපයක කටයුතු ද ඇනහිට තිබුණි.

ඒ හේතුවෙන් රෝහලවෙත පැමිණි රෝගීන් ඇතුළු පිරිස දැඩි පීඩාවට පත්වූ බව අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img