විදුලි පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද, හෙට සහ අනිද්දා දිනයන්වලදී විදුලිය විසන්ධි කිරීමට බලාපොරොත්තු නොවන බවය.
ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා,
“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නෑ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”
මේ අතර මාර්තු මාසය වනවිට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දැක්වීය.
“මම දන්නේ නෑ ගම්මන්පිල මහත්තයා කොහොම ගණන් හැදුවද කියලා. ගම්මන්පිල මහත්තයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වාර්ෂික ඇනවුම අනුව තෙල් ලබාගැනීම.”
සපුගස්කන්ද බලාගාරයට ලබාදී තිබු දැවිතෙල් තොග අද (22) දහවල් වනවිට අවසන්වීමට නියමිතව තිබුණි.
එහෙත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 600ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට පියවර ගත්තේය.
ඒ අනුව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද, හෙට සහ අනිද්දා දින තුනේදී විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවය.






















