Tuesday, November 10, 2026
HomeNEWSඔමික්‍රෝන් ගැන රනිල්ගේ මතය

ඔමික්‍රෝන් ගැන රනිල්ගේ මතය

ඔමික්‍රොන් නව ප්‍රභේදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ බියගම පැවති උත්සවයකදී ය.

“දැනට තියෙන සෞඛ්‍ය සේවය තුළින් අපි මේකට මුහුණදීලා තියෙනවා. ඒත් අපි යුරෝපය දිහා බලනවා නම්, ඔමික්‍රෝන් මීටත් වඩා වේගයෙන් පැතිරෙනවා. සමහර රටවල්වල ජනතාවගෙන් 50%ක් ඔමික්‍රෝන්වලට යටවෙලා. ඔමික්‍රොන් සීඝ්‍රයෙන් පැතිරෙනවා. ඔමික්‍රෝන්වල මරණ ප්‍රමාණය හුඟාක් දුරට අඩුයි. ඔමික්‍රොන් හෝ කොවිඩ් වැඩි වුණොත් දවස් ගාණකට වැඩ කරන්න බැරි වෙනවා. රටේ ජනගහනයෙන් භාගයකට දවස් 5ක් සේවය කරන්න බැරි නම් ආර්ථිකයට තියෙන වෙනස මොකද්ද කියලා කියන්න ඕනේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ අවස්ථාවේ දී රටට දැනුවත් කරයි කියලා ඔමික්‍රෝන් පැමිණීම, ඒ පිළිබඳ ගත යුතු පියවර. තාම කොටසක් ඉන්නවා එන්නත් නොලැබුණු අය. තවත් කොටසක් ඉන්නවා තුන්වැනි එන්නත ලබලා දෙන්න. මේ දෙකම අපි කරන්න ඕනේ. මේ දේ කෙරුවොත් විතරයි යම් කිසි දුරටකට අපිට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ උවදුර, ජනතාව එක්රැස්වෙන ස්ථානවල ගත යුතු ආරක්ෂක පියවර ඒ සියල්ලම අපි දැනුම් දෙන්න ඕනේ. නැත්නම් සමහරු හිතන්නේ, වසංගතය අවසන් කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img