Tuesday, November 10, 2026
HomeNEWS"මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත්...

“මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් දක්නට ලැබෙනවා” – ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

“වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් දක්නට ලැබෙනවා” – ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි                      
වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් දක්නට ලැබෙන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.                                  
ජාතික නිදහස් පෙරමුණේ පර්යේෂණ අංශය මගින් සම්පාදිත, ‘ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම’ නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරුන් වන ඩී. එම්. නන්දරත්න සහ ඩී. යූ සෙනරත්  යන මහත්වරුන්  විසින් ඊයේ (31) සිදු කළ අවස්ථාවේ නාහිමියෝ  ඉහත අදහස් පළ කළහ.                                                                             
මෙහිදී තවදුරටත් අදහස් පළකළ සිරිවිමල හිමියෝ මෙසේද කීහ, 
“වර්තමාන ජනාධිපතිතුමා පත් කරන්න, වර්තමාන රජය ස්ථාපිත කරන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විශාල කැපවීමකින් කටයුතු කළා. නමුත් මේ රට වෙනුවෙන් නිසි මෙහෙවරක් කරන්න එතුමාට අවස්ථාවක්  ලැබුණේ නැහැ කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ. ආණ්ඩුව පිහිටුවන්න මුල ඉඳලම කැපවෙලා වැඩ කරපු ඇතැමුන්ට අද නිසි තැනක් හම්බ වෙලා නැහැ. බොරුවට කෑ ගහපු පුහු පුද්ගලයන් හට තමයි තැන ලැබිලා තියෙන්නෙ.විමල් වීරවංශ වැනි අය සෑම විටකම වැරැද්ද පෙන්වා රජය හරි මගට ගන්න කටයුතු කරනවා මිස බොර දියේ මාළු බාන්න කටයුතු කරලා නැහැ. බොරුවට කෑ ගහන අයට තැන ලැබුණු නිසා තමයි රජයට ඇතැම් ගැටළුවලට මුහුණ පාන්න වෙලා තියෙන්නෙ. මේ මුස්ලිම් අන්තවාදය කියන එක කොයි වෙලාවෙ, කොතැනින් එළියට එයිද  කියලා අපි දන්නේ නැහැ. අපි සියලුදෙනා ඉතා කල්පනාකාරීව වැඩ කළ යුතුයි” යනුවෙන් ද නාහිමියෝ පැවසූහ.
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත නඳුන්ගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img