Tuesday, November 10, 2026
HomeNEWSසමහරු ලස්සන වචනවලට මුවා වෙලා කටින් බතල කොළ හිටවනවා - විපක්ෂ නායක...

සමහරු ලස්සන වචනවලට මුවා වෙලා කටින් බතල කොළ හිටවනවා – විපක්ෂ නායක සජිත් කියයි.

සමහරු ලස්සන වචනවලට මුවා වෙලා කටින් බතල කොළ හිටවනවා – විපක්ෂ නායක සජිත් කියයි.

තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය වේදිකාවල කෑ ගැසීමට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාවලියක් බව පැවසූ විපක්ෂ නායකතුමා, “සක්වල” ආරම්භ කළේ ඒ සිහිනය ජය ගැනීම වෙනුවෙන් බවද පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 14 වන අදියර අද (03) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ කොට්ටාව විද්‍යාධාන විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්  පරිත්‍යාග කිරීම අද (03) සිදුවිය.

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා තමන් කැපවන බව කී විපක්ෂ නායකතුමා, අනාගත ලෝකයේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය එය බවද කීය. මේ අතර රටට අගයක් එකතු කරන්නට විපක්ෂය කිසිවිටෙකත් පසුබට නොවන බවද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img