Tuesday, November 10, 2026
HomeNEWSඅද සිට විදුලි කප්පාදුවක් ?

අද සිට විදුලි කප්පාදුවක් ?

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ඊට අදාළ ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවය.

මේ අතර ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් ඉදිරි මාස 03 සදහා විදුලි බලය කළමණාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ශ්‍රී ලංකාව ඛාණ්ඩ හතරකට බෙදලා A,B,C,D කියලා සම්ප්‍රදානුකූල‍ව මේක කරන්න හදන්නේ. අපි ඒකට කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒකෙන් මහජනතාව ගොඩක් අපහසුතාවය පත්වෙනවා. අපි හදන්නේ ධාරිතාවය සහ අපිට තිබෙන සම්පත් ඉල්ලුම සැපයුම මත පදනම් වෙලා ඒ අනුව ක්‍රමවේදයකට යන්න.  ඒ කින්නේ අපිට ජනනය කරන්න හැකියාව තියෙන්නේ මෙගා වොඩ් 2,000ක් හෝ 2,200ක් වැනි ගාණක් නම් අපිට තියෙන තෙල් ප්‍රමාණය ඒ අනුව තීරණය කරනවා මේ ක්‍රමවේදය වෙන්නේ කොහොමද කියලා. ගිය සැරේ ව්‍යාපාරික ස්ථානවලට අපි විදුලිය සපයලා තිබුණා. පොදු සේවාවක් කරන ස්ථානවලටත් අපි විදුලි කප්පාදුවක් කළේ නෑ. මේ පාර බලාපොරොත්තු වෙනවා පුද්ගලික ව්‍යාපාර ස්ථානවලට තමන්ගේ ජෙනරේටර්ස් පාවිච්චි කරලා ඒ කාර්යයන් කරගෙන යාමට අවස්ථාව ලබාදෙමින් මහජනතාවට අඩුම හිරිහැරයක් සිදුවන ආකාරයට ධාරිතාවය මත පදනම් වෙවින් මෙය ක්‍රියාත්මක කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img