Wednesday, November 11, 2026
HomeNEWSපිළිස්සී මියගිය පොලිස් නිලධාරිනිය ගේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාගයක්

පිළිස්සී මියගිය පොලිස් නිලධාරිනිය ගේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාගයක්

කාන්තා පොලිස් නිලධාරිනියක වූ සැරයන් නදීකා සංජීවනි පසුගිය 9වනදා පිළිස්සීමෙන් ලද බරපතළ තුවාල හේතුවෙන් මියගොස් තිබුණි.

ඇය එම සිද්ධියට මුහුණ දී තිබුණේ 2022.02.05 දිනය.

එම නිලධාරිනිය ගාල්ල පොලිස් කොට්ඨාසයේ ගෝනපීනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කර තිබුණි.

ඇයගේ වයස අවුරුදු 10ක් හා 4ක් වන දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු හා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) මුදල් පරිත්‍යාගයක් සිදු කෙරිණි.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක චෙක්පතක් හා ත්‍යාග දරුවන් දෙදෙනා වෙත පිරිනමා තිබේ.

පොලිස් සැරයන්වරිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ ඇයගේ සැමියා සමග ඇතිවූ ආරවුලකදීය.

පොලීසියෙන් ඉවත්වන ලෙස සැමියා අවස්ථා රැසකදී ඇය සමග ගැටුම් ඇති කරගෙන තිබූ අතර පසුගිය දා ඇයගේ නිලඇඳුම් පෙට්‍රල් දමා ගිනිතබා තිබුණි.

එහිදී සැමියා අත තිබූ පෙට්‍රල් බෝතලය උදුරා ගැනීමේදී සැරයන්වරියගේ ශරීරයට පෙට්‍රල් හැලී ඇය බරපතළ ලෙස පිළිස්සීමට ලක්වී මියගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගැනුණු අතර දරුවන් ට දෙමාපිය රැකවරණය අහිමි විය.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img