Tuesday, November 10, 2026
HomeNEWSදරුවා ව උදුරා ගැනීමට පැමිණි නීලක ගැන මව දුන් සාක්ෂිය

දරුවා ව උදුරා ගැනීමට පැමිණි නීලක ගැන මව දුන් සාක්ෂිය

ඝාතන, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ  “ඉලිබේ නීලක” හෙවත් නීලක සඳරුවන් නමැති 24 හැවිරිදි සැකකරුගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.

ඒ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු මතය.

ගිනිඅවිවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ තුළින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව අඟුරුවාතොට පොලීසිය පැවසීය. 

එම වෙඩි හුවමාරුවේ දී සැකකරුගේ පපුවට, ගෙල ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබේ.

ඊයේ (17) අඟුරුවාතොට වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ සැඟව සිටි සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.

සැකකරු මියගොස් තිබුණේ එම අවස්ථාවේදීය.

මේ අතර නිලක නමැත්තාගේ මව වන 42 හැවිරිදි චාන්දනී කුමාරි කුරුප්පුආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ,

“මියගියේ මගේ පුතුන් තුන්දෙනාගෙන් වැඩිමලා වන නීලක. නීලක මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වෙලා හිටියේ. ඇතිවූ සැකයක් මත ඉකුත් 11වනදා ලේලියව තියුණු ආයුධයකින් කැපුවා. ඇය ඉන්නේ කොළඹ ජාතික රෝහලේ. ඒ දෙන්නාගේ වයස අවුරුදු 8 ක දරුවා ව උසාවියෙන් තමයි අපගේ භාරයට පත් කළේ.” 

“නීලක 17 වනදා උදේ අලුයම 2ට විතර ඉංගිරිය හල්වතුර අපි පදිංචිව සිටින නිවසට ඇවිල්ල දොරට තට්ටු කළා. සැමියා දොර ඇරියා. පුතා ළමයා දැකලා අතින් ඇදලා ගන්න හදනකොට එයාගෙ තාත්තා දොර වැහුවා.” 

“පස්සෙ අපි දෙන්නම එදිනම අලුයම 6 ට පමණ පුතාගේ ළමයත් අරගෙන හොරණ කඳාන අපගේ ඥාති නිවසකට පැමිණියා. එදින පෙරවරු 7.40 ට විතර නීලක ත්‍රීරෝද රථයකින් ඇවිත් ළමයා කෝ කියලා ඇහුවා. අපි ළමයව කාමරේක හැංගුවා. නීලක පුතා ත්‍රීරෝද රථයේ තිබූ ගිනි අවියක් අරගෙන ගේ ඇතුළට ඇවිත් දරුවව හැම තැනම හොයලා..  කාමරේ ඉන්න දරුවත් අරගෙන ත්‍රීවිල් එක ගාවට ගිහින් උඩට වෙඩි දෙකක් තිබ්බා.”

“ඒ වෙනකොට ත්‍රීරෝද රථයේ රියදුරු පේන්න හිටියේ නැහැ. පුතා හයියෙන් කෑගහල කිව්වා ත්‍රීරෝද රථයට වෙඩි තියලා ගිනි තියනවා කියලා. වරෙන් කියලා. එතකොට හැංගිලා හිටිය ත්‍රීරෝද රථ රියැදුරා ආවා.” 

“පස්සේ අපිට ආරංචි වුණා.. හවස නීලක වල්පිට බිඩිකොල හන්දියේ නිවසක් තුළ වෙඩි වැදිලා කියලා. මිය ගිහින් තියෙන්නේ අපගේ පුතා කියලා හඳුනා ගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img