Tuesday, November 10, 2026
HomeNEWSමානව හිමිකම් කඩවිම් පිළිබඳ සෙවීමට පත්කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩවිම් පිළිබඳ සෙවීමට පත්කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩකිරිම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදි තිබේ.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්. එම්. ඩි නවාස් මහතා විසින් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂිය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය කිරිම සඳහා පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරික්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඒ.එම්. එම්. ඩි නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කොමිසම පත් කර තිබුණි.

පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සකස් කිරිමේදී යුද්ධයට මුහුණදුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන්හි පදිංචි පුද්ගලයින් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ත්‍රස්තවාදීන් සැමරිමට ඉඩක් නොමැති නමුත් යුද සමයේදී යම් ඥාතියෙකු මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසම් සභා වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මෙම කොමිසමේ අවසන් වාර්තාව ලබන ජුනි මාසයේ ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව  කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්. එම්. ඩි නවාස් මහතා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එම කොමිසමේ පළමු වාර්තාව පසුගිය වසරේ ජුලි මස 21 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img