Tuesday, November 10, 2026
HomeNEWSදෙපා වාරු නැතත් පස් වරක් සිරිපා කරුණා කළ උපුල්

දෙපා වාරු නැතත් පස් වරක් සිරිපා කරුණා කළ උපුල්

සිරුරේ කිසිදු අඩුපාඩුවක් නොමැති ඇතැමුන් විවිධ හේතු නිසා ජීවිතය අත්හරිද්දී දෙපා වාරු නැතිව අභියෝග ජයගත් තරුණයෙක් පිළිබඳව ‘අද දෙරණ’ ට තොරතුරු වාර්තා විය.

30 හැවිරිදි උපුල් රංජිත් වන ඔහු, දෙපා නොමැතිව වුවත් පස් වරක්ම සිරිපා කරුණා කර තිබීම ද විශේෂත්වයකි.

මෙවර ඔහු සිරිපා කරුණා කරන්නේ, තවත් ආබාධ සහිත පිරිසකට නඩේ ගුරා වෙමිනි. 

දෙපයට වාරු ඇති දෙනෝදාහක් අතරේ ඔහු සිරිපා කරුණා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

උපතින්ම ආබාධ සහිතව මෙළොව එළිය දුටු උපුල් සිය ආබාධිත තත්ත්වය කිසිදු දිනක ජීවීත ගමනට බාධාවක් කරගෙන තිබුණේ නැත.

“ගොඩාක් කට්ටිය කතා කළා උස්සගෙන යන්න. මම කිව්වා එපා.. මගේ හිතේ ශක්තිය තියෙනවා කියලා. අපිට දියව් අපිට දියව් කිය කියා ඉන්නේ නැතුව තමන්ට ලැබිලා තියෙන දෙයින් දෙයක් කරලා පෙන්වන්න.” යනුවෙන් උපුල් රංජිත් පැවසීය.

අවිවාහක තරුණයෙක් වන උපුල්, මව, පියා සහ සහෝදර සහෝදරියකගෙන් යුත් පවුලේ වැඩිමලාය.

අනුරාධපුර මැදවච්චිය වල්පොළ ගම්මානයේ උපත ලද උපුල් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කොළඹට පැමිණ පුද්ගලික අංශයේ රැකියා කිහිපයකම නිරත වී තිබුණි.

ඔහු මේ වනවිට සේවය කරන්නේ පිළියන්දල අධ්‍යාපන කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියෙකු ලෙසය.

සෑම රාජකාරි දිනකම පාහේ සේවයට වාර්තා කරන ඔහු කාර්යාලයට පැමිණෙන්නේ ඔහුගේම ත්‍රීරෝද රථයෙනි.

සාමාන්‍ය පුද්ගලයින් සේම ඔහුත් රාජකාරියට වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණ පවා තැබීමට කටයුතු කරන්නේ ආයතන නීතීවලට ගරු කරමිනි.

එළෙස සිය ජීවිතයට පවා අභියෝග කරගෙන ජීවිතය දිනන්නට වෙර දරනා උපුල් වැනි දිරිය තරුණයන් සාමාජයට දෙන පාඩම සැබවිමන්ම ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img