Monday, November 9, 2026
HomeNEWSහමුදා ක්‍රියාන්විතය ගැන පුටින් නිවේදනය කරයි

හමුදා ක්‍රියාන්විතය ගැන පුටින් නිවේදනය කරයි

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා ක්‍රියාන්විතයක් අරඹන බව රුසියානු ජනාධිපති පුටින් නිවේදනය කිරීම ඊට එක් හේතුවක් වන්නට ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා මෙහෙයුම් ආරම්භ කිරිම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එරට රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් පුටින් සදහන් කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරන බවය.

ඒ අනුව අවි බිම තබා නිවෙස් වෙත යොමුවන ලෙස එම කලාපයේ  රැඳී සිටින යුක්‍රේන හමුදා සෙබළුන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ යම් හෙයකින් ලේ වැගිරීමක් සිදුවුවහොත් ඊට යුක්‍රේනය වගකිව යුතු බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර රුසියානු හමුදා යුක්‍රේනය වෙත යැවීම නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විටත් රුසියානු හමුදා යුක්‍රේනයේ නගර දෙකක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ කිව් අගනුවර කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

පවතින තත්ත්වය හමුවේ කිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත් වන ලෙස බලධාරින් විසින් දැනුම් දී ඇති අතර ගුවන් මෙහෙයුම් කටයුතු ද අවලංගු කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img