ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.
විදෙස් මාධ්‍ය පැවසුවේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ද ඉක්මවා ගොස් ඇති බවය.
2014 වසරට පසු වාර්තා වූ වැඩිම මිල එය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නැගෙනහිර යුක්රේනයේ හමුදා ක්‍රියාන්විතයක් අරඹන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීම ඊට එක් හේතුවක් වන්නට ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.






















