උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ ගුවන් සහ නාවුක ප්‍රහාර හමුවේ මේ වන විට යුක්රේන හමුදා අඩපණ වී ඇති බවය.
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට සැළකෙයි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ රුසියාව තවදුරටත් ආක්රමණයේ නිරත වුවහොත් එවැනි ව්‍යසනයක් යළි ඇති විය හැකි බවය.
රුසියානු හමුදාවේ පළමු ඉලක්කය තමන් බවද දෙවන ඉලක්කය තම පවුලේ සාමාජිකයින් බවද ප්‍රකාශ කළ යුක්රේන ජනාධිපතිවරයා තමන් සහ තම පවුල Kyiv අගනුවර රැඳී සිටින බව ප්‍රකාශ කර තිබේ.






















