දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අක්මීමන ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එකම පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු සිට ඇත.
ඔවුන් ගමන්කළ මෝටර් රථය ඉදිරියෙන් ගමන්කළ සිමෙන්ති පටවාගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථයේ ගමන්කළ සිව්දෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ 29 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
මේ අතර මෝටර් රථය පැදවූ පුද්ගලයාට අනතුරින් කිසිදු හානියක් සිදුව නොමැති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔහුගේ පියා බවට වාර්තා වෙයි.
ඔහුගේ සොහොයුරිය වන 29 හැවිරිදි වියේ පසුවූ තරුණියගේ පේරාදෙණිය සරසවියේ පැවති වෛද්‍ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී නැවත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.






















