අද (28) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.
ඒ අනුව A,B,C කලාප සදහා පැය 4 විනාඩි 40ක කාලයකුත්, සෙසු කලාප සඳහා පැය 05 විනාඩි 15ක කාලයකුත් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
ඊයේ (27) සහ පෙරේදා (26) දිනවල රාත්රි කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුනොකෙරුනු අතර සතියේ දිනවලට සාපේක්ෂව විදුලි ඉල්ලුම අඩුවීම මීට හේතුව වී තිබුණි.
කෙසේවෙතත් තාප බලාගාර සඳහා ප්රමාණවත් සංචිත නොමැති වීම හේතුවෙන් අද දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරිමට තීරණය කර තිබේ.
ඒ අනුව A,B,C කලාප සඳහා අද උදෑසන 8.30 සිට රාත්රි 10.30 දක්වා පැය 4 විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.
එම කලාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 40ක් සහ පස්වරු 4.30 සිට රාත්රි 10.30 දක්වා අතර කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
මීට අමතරව සෙසු කලාප සඳහා අද උදෑසන 8.30 සිට පස්වරු 4.45 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 45ක් සහ පස්වරු 4.45 සිට රාත්රි 9.45 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 30කුත් ලෙස පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.






















