බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරීවරයෙක් අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උපකාරක පන්ති පැවැත්වීමට යැයි පවසමින් එම පුද්ගලයා අදාළ දැරියන් නිවසට ගෙන්වා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
තම වසමේ පුද්ගලයින් විසින් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් තමාට අපහාස කරන බවට සැකකාර ග්‍රාම නිලධාරීවරයා විසින් අම්බලන්තොට පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බවට අනාවරණය වී තිබේ.
පසුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා පැවසීය.
ලිංගික අතවරයන්ට ලක්ව ඇත්තේ 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.
අදාළ දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහරෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
සැකකාර ග්‍රාම නිලධාරීවරයා විවාහක පුද්ගලයෙක් වන අතර, අද (03) දින හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.






















