සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට (04) උදෑසන 8 සිට දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ හදිසි සාකච්චාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය.
එමෙන්ම විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ගය මෙලෙස දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවද ඔවුන් පෙන්වා දෙයි.
රජය විසින් එකඟ වු ඉල්ලිම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 17ක් ඊයේ (02) දිනයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක ය.






















