Monday, November 9, 2026
HomeNEWSඅමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කෙරේ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කෙරේ

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කර තිබේ.

පසුගියදා සිදුකෙරෙනු නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව එම විෂය පථයන් ගැසට් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව,  රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් කර ඇති බව සඳහන්ය.

මීට අමතරව ආපදා කළමනාකරණ මධස්ථානය,  ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව,  ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

මේ අතර ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්  මහතා විසින් ඊයේ (08) පස්වරුවේ පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img