සමාජ මාධ්‍ය ජාලවල මේ වනවිට “සියලුදෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය” යනුවෙන් ව්‍යාජ පණිවුඩයක් සංසරණය වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“ප්‍රවේශම්වන්න ආර්ථික අර්බුද” ලෙස කරුණු 22ක් ඇතුළත් කර අවසානයේ “පරිස්සමින් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව” යනුවෙන් සඳහන් කරමින් එම ව්‍යාජව සකස් කරන ලද පණිවුඩයක් සංසරණය වෙමින් ඇති බවද පොලීසිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ව්‍යාජ පුවත නිර්මාණය කළ පුද්ගලයා අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය.






















