ආහාරයක් සකස්කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුතා විසින් පියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුවතක් කොච්කඩේ, ගැමුණු මාවත, බටහිර කටාන ප්රදේශයෙන් වාර්තා විය.
ඊයේ (13) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 44 හැවිරිදි ගැමුණු මාවත, බටහිර කටාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පියා මත්පැන් පානය කර නිවසට පැමිණ ඇති අතර දහවල් ආහාරය සකස්කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පියා විසින් දියණියට පහර දී තිබේ.
එම අවස්ථාවේ දී පුතා විසින් පියාට උල් පිහියකින් ඇන එම ඝාතනය සිදුකර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















