වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (13) දහවල් කාලයේදී එම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30 අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, ගනේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල සහ මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 110, හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05, ගංජා ග්‍රෑම් 27ක් සහ මත්පෙති 15ක් සොයාගෙන ඇත.
අදාළ සැකකරුවන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සියලුම සැකකරුවන් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිව වැඩිදුර විමර්ශන සිදුකරයි.






















