කාත්තන්කුඩිය ප්රදේශයේ දුරකථන අලෙවි සැලක් කඩා එහි තිබූ රුපියල් 2,444,500ක් වටිනා ජංගම දුරකථන 71ක් සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කාත්තන්කුඩිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් විසින් සොරාගන්නා ලද දුරකථන 23ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 32, 47, 50ක් වූ අක්කරපත්තුව හා වරිපතන්වේන ප්රදේශවල පදිංචිකරුවන්ය.
අදාළ සැකකරුවන් අද (14) මඩකලපුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධි සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















