Tuesday, November 10, 2026
HomeNEWSආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

ආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍යවරයා හමුවේ අද පැවසීය.

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud කුමරු සහ ජනාධිපතිවරයා අතර අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කෘෂිකර්මාන්තය,පුනර්ජනනීය බලශක්තිය,තාක්ෂණික සංවර්ධනය හා නරාය නගර ආශ්‍රිත ඇති විදේශ ආයෝජන අවස්ථා පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සෞදි විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිළිබඳ ද එහිදී විදේශ අමාත්‍යවරයා අවධානය යොමු කළ බව සඳහන් වෙයි.

Al Saud කුමරු එහිදී සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට තමන් සූදානම් බවය.

ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ ද එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img