Monday, November 9, 2026
HomeNEWSසජිත් යළිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි

සජිත් යළිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි

නැවතත් වරක් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය අද (15) කොළඹදී පැවැත්වූ දැවැන්ත විරෝධතා පෙළපාලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

“රට විනාශයි – දැන් ඇති – තවත් වනසන්න දෙන්න බෑ” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබුණි. 

කොළඹ ස්ථාන දෙකකින් විරෝධතා පාගමන ආරම්භ විය.

එක් කණ්ඩායමක් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ජාතික පුස්තකාලය අසලින් පාගමන ආරම්භ කර තිබුණි.

එය කොල්ලුපිටිය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබුණි.

මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් අනෙක් පාගමන ආරම්භ වු අතර එය පිටකොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟාවිය.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය තුළට විරෝධතාකරුවන් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි විරෝධතාකරුවන් ඇමතීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. අද කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා. දැන් අවුරුදු 2ක් ජනතාව දුක්විඳිනවා. තවත් මේ දුක උහුලන්න පුළුවන්ද ? අපි ආවේ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන්න. ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම්ද?”

“දැන් එක එක්කෙනා එනවා අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න. මෙච්චරකල් ඔය දාපු ඩීල් සිදුවුණේ කොහොමද? ඇමතිකම්, සභාපතිකම්, නිලතල දීම මත ඩීල් දේශපාලනය සමගි ජන බලවේගය කරන්නේ නෑ.” 

“මම අවසාන ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනතාව අනාථ කරන්නැතුව පිං සිද්ධවෙයි.. එක්කෝ ගෙදර යන්න. එහෙම නැත්තම් ජනතාවට ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරණයක්..” 

“අපිට ඕනේ නැවතත් වරක් ජනාධිපතිවරණයක්. වෙන මොනවත් නෙමෙයි. පුළුවන් නම් ජනාධිපතිවරණය පවත්වන්න.. එදාට රටේ ජනතාව වැඩ පෙන්වයි. මේ ආණ්ඩුවට මේ රටේ වෙන විකල්පයක් නෑ. සමගි ජන බලවේගයයි විකල්පය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img