Monday, November 9, 2026
HomeNEWSවිශ්වාසයෙන් සහ කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු - ජනපති

විශ්වාසයෙන් සහ කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු – ජනපති

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එහෙත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බවද ජනාධිපතිවරයා පවසයි.

යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ,

“පැවති ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නොතිබුණි. පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාවයි.”

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකර වගා කටයුතු සඳහා යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටි. ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව තමාට විශ්වාස යැයිද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සාකච්ඡාව සඳහා එක්ව සිටි  දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයා හමුවේ සඳහන් කළේ, මහ කන්නයේ දී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිත කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන තිබෙන බවය.

ඒ අනුව ඊට යොමු නොවූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර, සිදුවූ අඩුපාඩු මඟහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල ජයගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48 දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එහිදී පෙන්වාදී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ඇරඹුණු බවය. 

සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුවට රැස්වීමට පියවර ගෙන ඇති බව පෙන්වාදුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර නිෂ්පාදකයින් සතුව විශාල වගකීමක් පවතින බව පැවසීය.

දිස්ත්‍රික්ක රැසක ගොවීන් මහ කන්නයේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයින් ද පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img