Monday, November 9, 2026
HomeNEWSකියුව් අල්ලා ගැනීම රුසියාව ට අසීරු වෙයි

කියුව් අල්ලා ගැනීම රුසියාව ට අසීරු වෙයි

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් නිමා කිරීම සඳහා පැවැති සිව්වැනි වටයේ සාම සාකච්ඡා ද එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

අද කියුව් වැසියන්ට අතිශය අසීරු සහ භයානක දිනයක් බව නිවේදනය කරන රජය නගරයට පැය 35ක ඇඳිරිනීතිය පැනවීමටද පියවර ගෙන තිබුණි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 20ක් ගෙවෙමින් පවතී.

රුසියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇති කියුව් අගනුවර අත්පත් කරගැනීම තරමක් අසීරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ සෑම දිශාවකින්ම නගරය වෙත පැමිණෙන රුසියානු හමුදාවට එරෙහිව යුක්‍රේන සෙබළුන් දැවැන්ත සටනක නිරතවීම හේතුවෙනි.

කියුව් අගනුවර මහල් නිවාස සංකීර්ණයක් වෙත ඊයේ ෂෙල් ප්‍රහාරයක් ද එල්ලවී තිබුණි.

ඉන් මරණ දෙකක් වාර්තා වූ බව සඳහන්ය.

යුද්ධයෙන් දැඩි සේ විනාශ වූ දකුණුදිග මරියුපෝල් නගරය පිළිබඳව ද විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවී තිබුණි.

රුසියානු ප්‍රහාරවලින් දැනට මරියුපෝල් හි පමණක් සිවිල් වැසියන් 2,500ක් පමණ මියගොස් ඇති බව යුක්‍රේන වාර්තා පවසයි.

නගරවැසියන් රැගත් රථ 160ක් පමණ නගරයෙන් ආරක්ෂිතව පළායාමට සමත්ව තිබුණේ රුසියානු ප්‍රහාර මධ්‍යයේය.

මරියුපෝල් හි ඉතිරිව සිටින ජනතාව ජලය හෝ ආහාර පවා නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින බව එහි සිට පැමිණ පිරිස් අනාවරණය කර තිබේ.

තවමත් ආරක්ෂිතව තිබෙන මරියුපෝල් හි රෝහලේදී  එලානා නම් බිළිඳියක් උපත ලබා තිබුණේ පිපිරුම් හඬ දසත ඇසෙද්දීය.

මේ අතර රුසියානු රජයේ මාධ්‍ය ආයතනයක වැඩසටහනක් විකාශය වෙමින් පැවති අවස්ථාවේ මැදිරියට හදිසියේ කඩාවැදුණු එම ආයතනයේම මාධ්‍යවේදිනියක් යුද විරෝධී පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණි.

එහි සටහන්ව තිබී ඇත්තේ, “යුද්ධය නවත්වන්න. ඔවුන් ඔබට බොරු කරනවා.” යන්නය.

චැනල් වන් නම් මේ මාධ්‍ය ආයතනයේ සේවය කරන මාධ්‍යවේදිනියකගේ එම ක්‍රියාව ඇගයීමට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img