ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 1,680ක් ලෙස දැක්වේ.
කිලෝග්රෑම් 2ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 672 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.
එම මිල වැඩිවීම සම්බන්ධයෙන් “අද දෙරණ” පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ, ගෑස් සඳහා පනවා තිබු මිල නියාමනයන් ඉවත් කිරීම හේතුවෙන් ගෑස් මිල තීරණය කිරීමේ බලය අදාළ සමාගම් වෙත පවරා ඇති බවය.
ඒ අනුව වෙළෙඳපොළ තුළ ගෑස් මිල තීරණය කිරීම ගෑස් සමාගම් විසින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එහෙත් අදාළ මිල ඉහළ යාම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දෙන ලෙස සඳහන් කර තිබුණ ද මෙතෙක් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
මේ අතර ඉහළ දැමූ මිල ගණන් වලට අද දිනයේත් දිවයිනේ ප්රදේශ කිහිපයක ලාෆ් ගෑස් අළෙවිය සිදුකෙරුණි.






















