යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල
නායක ස්වාමීන්වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින උන්වහන්සේගේ සුව
දුක් විමසා බැලුවේය.
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නායක ස්වාමීන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යතුමා,
උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ
මධ්‍යස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.
අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහි දී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා
අවශ්‍ය පාසල් උපකරණ ප්රදානය කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණය ඇතිව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
ඊට අදාළ අනුග්‍රහය දක්වා තිබිණි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්,
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, යාපනය
ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා, 51වැනි සේනාංකාධිපති මේජර්
ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහත්වරු ඇතුළු හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.






















