Sunday, November 8, 2026
HomeNEWSඩොලර් හිඟය තානාපති සේවාවටත් බලපායි

ඩොලර් හිඟය තානාපති සේවාවටත් බලපායි

පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ රටවල තානාපති කාර්යාල දෙකක් සහ කන්සියුලර් කාර්යාලයක් වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කන්සියුලර් කාර්යාලය වසා දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පීරිස් – විදේශ කටයුතු අමාත්‍ය 

“එවා තාවකාලික පියවර. රටේ ආර්ථික තත්ත්වය සහ අපට තිබෙන මුල්‍ය සම්පත් අනුව විටින් විට අපි සලකා බලනවා. සිඩ්නි නගරයේ ඒක තානාපති කාර්යාලයක් නෙමේ කන්සියුලර් කාර්යාලයක්. සමහර ඒවා අපි වහන්න තීරණය කරලා. අවුරුද්දකට විතර පස්සේ මුදල් තත්ත්වය අනුව ඒ ගැන සලකාබලලා තීරණ ගැනීමට පුළුවන් වෙයි. දැන්  ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් කන්සියුලර් කාර්යාලයක තාවකාලිකව වහලා දමන්න තීරණය කරලා තියෙනවා. වැඩකටයුතු අපි පවරනවා බර්ලින් නගරයේ  තියෙන තානාපති කාර්යාලයට. එවායෙන් ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නෑ”.

මේ අතර ඩොලරයේ අගය ඉහළ යාම, ඒ හා බැඳුණු ඉන්ධන මිල ඇතුළු කරුණු රැසක් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

අදත් අප වෙළෙඳපොළේ නිරීක්ෂණයකදී අනාවරණය වූයේ සහල් කිලෝවක අවම තොග මිල රුපියල් සියය ඉක්මවා යද්දී සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 150ත් – 260ත් අතර අගයක පවතින බවය.

එමෙන්ම ආසන්න දින කිහිපයක් තුළ මිලි ලීටර් 750ක පොල්තෙල් බෝතලයක මිල රුපියල් 680ක් තෙක් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කුකුළු මස්, මාළු, බිත්තර මිල ගණන් ඉහළ යද්දී කරවල මිල ගණන් ද රුපියල් 50ත් 60ත් අතර මිලකින් වැඩි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img