Monday, November 9, 2026
HomeNEWSඅමෙරිකානු තානාපතිනිය උතුරේ දේශපාලන පක්ෂ හමුවෙයි

අමෙරිකානු තානාපතිනිය උතුරේ දේශපාලන පක්ෂ හමුවෙයි

මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සහ උතුරේ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්ව සිටින අමරිකානු තානාපතිවරිය උතුරේ දේශපාලන පක්ෂ නායකයින් සමඟ එම සාකච්ඡාව ඊයේ (25) යාපනය නගරයේදී පැවති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක සී.වී. විග්නේශ්වරන් මහතා, ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු කණ්ඩායමක් එම සාකච්ජාවට එක්ව තිබේ.

මෙරට පවතින දේශපාලන ගැටලුව හා ආර්ථික ගැටලු මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වු බව උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පැවසූ බව වාර්තා වේ.

සියලුදෙනා එක්ව දේශපාලන තීරණයක් ගත යුතු බවට එහිදි ඇමරිකානු තානාපතිවරිය සඳහන් කර ඇති බව ද උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img