Monday, November 9, 2026
HomeNEWSඅද සිට නැවතත් විදුලිය කැපෙයි

අද සිට නැවතත් විදුලිය කැපෙයි

අද (04) දිනයේද දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්‍රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බවය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

එමෙන්ම P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව කොළඹ වාණිජ කලාපය සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වුවද විදුලි කප්පාදුව සිදුකරන වේලාව ඉහළ නොදමන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img