Sunday, November 8, 2026
HomeNEWSයුද හමුදාපති හා පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවට

යුද හමුදාපති හා පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවට

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (11) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

අද පෙරවරුවේ ඔවුන් දෙදෙනාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

පසුගිය 09 වනදා රට තුළ සිදුවූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පියවර නොගැනීම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනාට මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම වෙඩිතැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img