Sunday, November 8, 2026
HomeNEWSපළාත් පාලන අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් ගැන අලුත් තීරණයක්

පළාත් පාලන අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් ගැන අලුත් තීරණයක්

පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය මාස 6කට වරක් දිර්ඝ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව එම සේවකයන්ගේ සේවා කාලය මාස හයෙන් හයට දිර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාවය මත උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් පැවසීය.

ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය මාස හයෙන් හයට ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවලට හැකියාව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රාථමික සේවා ගණයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම නිසා අදාළ කොන්ත්‍රාත් සහ අනියම් පදනම මත සිටින සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී අදාළ චක්‍රලේඛය සංශෝධනය වූ පසුව මෙම ගැටළුව පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img