Sunday, November 8, 2026
HomeNEWSබීමත් රියදුරා නිසා දියණිය ඉදිරියේදීම පියාට අත්වූ අවාසනාවන්ත ඉරණම

බීමත් රියදුරා නිසා දියණිය ඉදිරියේදීම පියාට අත්වූ අවාසනාවන්ත ඉරණම

මුලටියන – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ මාකඳුර ප්‍රදේශයේ දී මාර්ගය අසල රැඳීසිටි පියෙකුගේ හා කුඩා දියණියගේ වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරින් පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මාකඳුර, බැරගම උතුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්දරු පියෙකි.

මිය ගිය පුද්ගලයා තුන් හැවිරිදි දියණිය වඩා ගෙන තම නිවස ඉදිරිපිට පිහිටි මාර්ගයේ රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ මුලටියන දෙස සිට මාතර දෙසට වේගයෙන් පැමිණි වෑන් රථයක් මොවුන් දෙදෙනාගේ ගැටී මාර්ගයේ නවතා තිබු කුඩා ලොරි රථයක ද ගැටී අනතුර සිදුව ඇත.

වෑන් රථය බෙංගමුව ප්‍රදේශයේ මංගල සාදයකට ගොස් පැමිණෙමින් සිට ඇති බවත් වෑන් රථ රියදුරු බීමතින් සිටි බවත් මාවරල පොලීසිය පැවසීය.

අනතුර සිදුවීමෙන් අනතුරුව පියා හා දියණිය ප්‍රදේශවාසින්ගේ මැදිහත් වීමෙන් කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවු දියණිය කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවු බවත් පෙලීසිය සඳහන් කරයි.

මාවරල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img