සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පුරෝකථනයන්වලට අනුව 2023 වසරේ මුලසිට උද්ධමනය විශාල වශයෙන් අඩුවිය හැකි බවය.
මේ සඳහා දැනට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවන බවද ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
එසේම ගෝලීය තෙල්මිල සහ අහාර මිල අඩුවීම පිළිබඳව උපකල්පනද මෙම පුරෝකථනයන්ට ඇතුලත් බවද මහ බැංකුව පවසයි.
මේ අතර මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතින බවද මහ බැංකුව පෙන්වාදෙයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල සැළකියයුතු ප්‍රගතියක් පවතින බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.
මේ අතර ජුනි මාසය අවසන් වනවිට මෙරට නිල වත්කම් සංචිතය ඩොලර් මිලියන 1,859 ක් බව මහ බැංකුව පෙන්වාදෙයි.






















