Monday, November 9, 2026
HomeNEWSසෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි සේවා පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, එසේ නොකරන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින කඩාවැටීමකට ලක්වනු ඇති බවය.

“අද වෙනකොට රෝහල් ගණනාවක් සම්පුර්ණ අඩපණ වීමක් දක්වා ටිකෙන් ටික ගමන් කරමින් ඉන්නවා. ඉතාම නරක තත්ත්වයක් එන්නේ. ඒ නිසා ඉදිරි කාලයේ මෙහෙම ඉදිරියට ගියොත් වෙනසක් කරන්නේ නැතුව, අත්‍යවශ්‍ය ප්‍රතිකාර ටිකත් මිනිසුන්ගේ ජීවිත බේරගන්න තියෙන හදිසි ප්‍රතිකාර ටිකත් කඩාවැටීමේ අවධානම මතුවෙලා තියෙනවා. සෞඛ්‍ය ලේකම්ට අපි යෝජනා කරලා තියෙනවා අත්‍යවශ්‍ය අවම සේවකයින් ගෙනල්ලා මේ රාජකාරිය කරන්න. ඒ වගේම හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යෑමට නිශ්චිත මාර්ගෝපදේශයක් පවත්වාගෙන යෑමට කටයුතු කරන්න කියලා.”

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුධකාරි තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා,

“අද වෙනකොට සෞඛ්‍ය සේවකයින් 25%ක් විතර රාජකාරියට වාර්තා කරන්නේ නෑ නෙමෙයි එන්න බෑ. යම් ප්‍රමාණයකට ඖෂධ හිඟයක්, සේවාවල තියෙන උපකරණ හිඟයක් ලෙස අර්බුදයක් රට තුළ තියෙද්දි ප්‍රවාහන ගැටලුව නිසා සේවකයින්ට පැමිණීමට තියෙන අපහසුතාවය උඩ සෞඛ්‍ය සේවාව යම් ප්‍රමාණයකට බිඳවැටෙන තත්ත්වයක් උද්ගත වෙමින් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img