ජනතා මතයට අවනත වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් උචිත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ රට තවදුරටත් අරාජික නොකර අග්‍රාමාත්‍ය වරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවය.
ගංඟාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.
“රටේ ජනතාවත් අරගලයේ යෙදී සිටින අයත් කියන්නේ, අගමැතිතුමාත් ඉවත්විය යුතුයි කියලා. ඒ හඬට කන්දීම තමා වැදගත් වෙන්නේ. මොකද ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිතුමාට ඉවත්වෙන්න කියලා ඉල්ලීම් තිබුණා. නමුත් එතුමා ඉවත්වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ බරපතළ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා තව දුරටත් රට අමාරු තැනකට වැටෙන්න පුළුවන්. අරගලයේ සහ ජනතා හඬට කන්දුන්නේ නැත්නම්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කියන්නේ ඔවුන්ගේ හඬට කන්දෙමින් හැමවිටම රජයේ වගකිව යුතු අංශවල ඉන්න අය කටයුතු කළ යුතුයි.”






















