කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයකින් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
“බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිවෙමින් තියෙනවා. විශේෂයෙන් පාසල්, ආයතන සහ සමාජ ඒකරාශීවීම් සිදුවන ස්ථානවල රෝග ලක්ෂ සහිත රෝගීන් වාර්තා වෙනවා. නමුත් මොවුන් රෝගීන් ලෙස තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නැහැ. ඒ නිසා රෝගීන් හඳුනාගැනීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙනමින් පවතිනවා. ඒ නිසා මේවන විට ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තාවෙමින් තියෙන කොවිඩ්- 19 රෝගීන් හඳුනා නොගැනීම, පාලනය සඳහා පවතින ඉන්ධන අර්බුදය, ඒ වගේම ආර්ථික අර්බුදය වැනි කරණු නිසා ඉදිරි දෙසතිය තුළ ලංකාවේ විශාල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමට නියමිතයි. ඒ වගේම මේ වාර්තාවෙන රෝගීන් අතරින් ප්රතිශක්තීයකරණය ඌන වුණ, ඒ වගේම යම් යම් රෝගාබාද සඳහා ගොඳුරු වුණ, වැඩිමහල් අයවලුන් ඉතාමත් අවදානමකට ලක්වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලන්නේ කොවිඩ් -19 රෝගය අවසන් නැහැ. ඒ වගේම මේ ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඉතාමත් වැඩී කියලා බිම් මට්ටමේ පෙනෙන්නට තියෙනවා. ඒ නිසා අවාසනාවන්ත මරණ ඇතිවීමේ හැකියාව තියෙනවා. රෝහල් පහසුකම්වල ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු නිසා මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්.”






















