Sunday, November 8, 2026
HomeNEWSආයුධ පෙන්වීමට ගිය පාතාලයා ගල් කොරියෙන් ඇදවැටී මරුට

ආයුධ පෙන්වීමට ගිය පාතාලයා ගල් කොරියෙන් ඇදවැටී මරුට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කඩුවෙල ප්‍රදේශයේ ගල්කොරියකින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවූ කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාර් නමැති අයෙකි.

එම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබුණි.

එසේම අදාළ සැකකරුට එරෙහිව බරපතළ චෝදනා 13ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බවද නවගමුව පොලීසිය ප්‍රකාශ කර සිටී.

අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ බව කියන ආයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ප්‍රදේශයේ ගල්වලක් වෙත රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී සැකකරු ගල්කොරිය ඉහළ සිට පහළට ඇදවැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව නවගමුව පොලීසිය පවසයි.

පසුව බරපතළ තුවාල ලැබූ සැකකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර සැකකරු සමඟ පොර බැදීමෙන් තුවාළ ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිත අතර නවගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img