ලක්ෂ ගණනක මුදල් ද සමඟ මහමග වැටී තිබී හමුවූ මදල් පසුම්බියක් නැවත අයිතිකරු සොයා භාරදුන් පුවතක් වැල්ලම්පිටිය ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බිය හමුව ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කරනු ලබන ඉෂාර මදුසංක නැමැති නිලධාරියාටය.
වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්රදේශයේ මාර්ගයක වැටී තිබී එම මදල් පසුම්බිය හමුව තිබේ.
එම පසුම්බිය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 111,960 ක මුදලක් හා රුපියල් ලක්ෂ 3ක චෙක් පතක් තිබී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් එම නිලධාරියා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත්කර තිබේ.
ඒ අනුව, මුදල් පසුම්බියේ හිමිකරු පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමෙන් පසු ඔහුව පොලිස් ස්ථානය වෙත කැඳවා මුදල් පසුම්බිය භාර දී ඇත.






















