අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වී තිබේ.
ඊයේ (21) රාත්‍රී 8.30ට පමණ එම වෙඩිතැබීමේ සිදුවීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලයේ රැඳී සිටි පුද්ගලයින් 5 දෙනෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.
වෙඩිවැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අම්බලන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
එහිදි බරපතළ තත්ත්වයේ පසුවු තවත් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ලේනමුල්ල සහ කුලීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මීට ප්‍රථම අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.






















