Monday, November 9, 2026
HomeNEWSමැයි 9 වනදා ගිනිබත් කළ බස් ගැන ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

මැයි 9 වනදා ගිනිබත් කළ බස් ගැන ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

පසුගිය මැයි මස 09 වන දින පුද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ බස්රථ ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට එම බස් රථ හිමියන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම බස්රථ හිමියන්ට සාධාරණය් ඉටුකරන ලෙස එම සංවිධානවලින් ඉල්ලීමක් කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“පසුගිය මැයි 9 වනදා කුලී පදනම මත අපේ බස්රථ කොළඹට ඇවිල්ලා තිබුණා. බස්රථ 50කට ආසන්න සංඛ්‍යාවක් ගිනි තියලා තිබුණා. ඒ වගේම විනාශ කරලා තිබුණා. ඒ නිසා මේ බස් කර්මානතයේ නියැලි සිටි බස්රථ හිමිකරුවන් බරපතළ ආර්ථික අපහසුතාවලට පත්වෙලා තියෙනවා. ඔවුන්ට නැවත වතාවක් බස්රථයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඔවුන්ගේ දරුවන් පාසල් යවන්න, ඒ අයට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලයටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයේ කොළඹ කාර්යාලයටත් මේ පිළිබඳ විමර්ශනයක් කරලා සාධාරණයක් ඉටුකරන්න කියලා අපි ලිඛිත ඉල්ලීමක් කරා පැමිණිල්ලක් විදියට.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img