Monday, November 9, 2026
HomeNEWS2022 වසරේ මැයි 13 වනදා වනවිට මෙරට පැවති ඖෂධ හිඟය සම්බන්ධයෙන්ද විගණකාධිපතිවරයා විශේෂ...

2022 වසරේ මැයි 13 වනදා වනවිට මෙරට පැවති ඖෂධ හිඟය සම්බන්ධයෙන්ද විගණකාධිපතිවරයා විශේෂ විගණන වාර්තාවක් සකස් කර තිබුණි.

ඒ අනුව වෛද්‍ය සැපයීම් හිඟය ඇතිවීමට ආසන්නතම හේතුව විනිමය හිඟය වුවද වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබුණු පරිගණක පද්ධතිය නිසිලෙස යාවත්කාලීන කර නොතිබීම හා එය නිසිලෙස භාවිතය නොගැනීමත් ඖෂධ හිඟය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස එහි සඳහන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය,එහි රාජ්‍ය අමාත්‍යාංශය,වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොතිබීමත්ද ඊට බලපා ඇතැයි මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ 41කට අදාළ ඇණවුම් ලැයිස්තු වසරේ මුල් මාස දෙකෙහිදී පරිගණක පද්ධතිය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත නිකුත් කර තිබූ නමුත් එම ඇණවුම් ලැයිස්තුවල ලිඛිත පිටපත් සංස්ථාවේ ආනයනය අංශයට ලැබීමට දින 18ත් මාස 06ත් අතර කාලයක් ගතවී තිබූ අතර එක් ඇණවුම් ලැයිස්තුවක ප්‍රමාදය එම ලැයිස්තුවේ ඖෂධ අයිතම සියල්ලටම බලපාන බව නිරීක්ෂණය වී ඇත.

ඖෂධ ඇණවුම් කිරීමේ සිට තොග ලැබෙන අවස්ථාව දක්වා එක් එක් පියවර පද්ධතියට ඇතුළත් කර ඇණවුම සම්බන්ධ ප්‍රගතිය යාවත්කාලීන කිරීමේ පහසුකම අදාළ සියලු ආයතන වෙත ලබාදී ඇති නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇණවුමට අදාළ තොරතුරු වසර 7ක් තිස්සේ පැවති තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පද්ධතියට ඇතුළත් නොකරන බව නිරීක්ෂණය වී තිබුණි.

ඇස්තමේන්තුගත ඖෂධ වර්ග මිලදී ගැනීම සඳහා මාස 11ක සැපයුම් කාලයක් සහිතව ඇණවුම් නිකුත් කිරීම ප්‍රතිපත්තිය වූ නමුත් ප්‍රසම්පාදන කාලසටහනකට අනුව කටයුතු කර නොතිබීමෙන් මාස 11න් වැඩි කාලයක් හෝ මාස 11කට වඩා වැඩි කාලයක් ප්‍රසම්පාදන කටයුතු සඳහා වැය කර තිබූ බවද සඳහන්ය.

2020 හා 2021 වර්ෂවලදී වෛද්‍ය සැපයීම් අංශය විසින් නිකුත් කර තිබුණු ඇතැම් ඇණවුම්වල ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීම සඳහා මාස 12ත් මාස 27ත් අතර කාලයක් ගත වී තිබුණි

ජීවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem 1g එක් එන්නතක් රු.481කට මිලට ගැනීමට හැකියාව තිබුණද ප්‍රසම්පාදන කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් 2021 වසරේ රජයේ රෝහල් විසින් එක් ඒකකයක් රුපියල් 1956ත් – 4697ත් අතර විවිධ වූ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැය කර දේශීය වෙළෙඳපොළෙන් ඉහළ මිලකට ගෙන ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img