………….
චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කරයි
මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් හා තරුණ සංවිධාන ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, 2022.12.02 දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත පැමිණ, චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin මහතාගේ අභාවය වෙනුවෙන් චීන රජයටත්, චීන ජනතාවටත් සිය ශෝකය පළ කළ අතර, එම කාර්යාලයේ තබා ඇති විශේෂ සමරු පොතෙහි ශෝක සටහනක්ද තැබුවේය.
දිවංගත චීන ජනාධිපති ජියැං සෙන්මින් (Jiang Zemin) මහතා චීන කොමියුනිස්ට් පක්ෂයෙහි ප්‍රබල නායකයෙකු ලෙස ඉමහත් ගෞරවයට පාත්රවී සිටි බවත්, ඔහු ශ්‍රී ලංකාවටද පැමිණ අප රට වෙත අසීමිත ලෙස සහය වූ සැබෑ මිතුරෙක් බවත්, චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළ ශ්‍රේෂ්ඨ මිතුරෙකු ලෙස සිහිපත් කළ යුතු බවත්, ම.එ.පෙ.නියෝජ්‍ය ලේකම්, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පැවසීය.






















